May 24, 2025

කොළඹ-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී අද (24) අලුයම මඩකලපුව සිට ගාල්ල බලා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් ටිපර් රථයක පිටුපස ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තිබේ.

අලුයම 2.45 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස බස් රථයේ ගමන් කළ මගීන් 12 දෙනෙකු සහ ටිපර් රථයේ රියදුරු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ සියලු දෙනා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවූ එක් මගියකු එහිදී මිය ගොස් ඇත.

පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.