
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාඕරි ජනතාව සමඟ ඇතිකරගෙන තිබෙන ආරම්භක ගිවිසුම නැවත අර්ථකථනය කිරීමට උත්සාහ කරන මතභේදාත්මක පනතකට විරෝධය පා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හකා නර්තනයේ යෙදීම නිසා නවසීලන්ත පාර්ලිමේන්තු කටයුතු තාවකාලිකව නතර කිරීමට සිදුව තිබේ.
විරුද්ධ පක්ෂ මන්ත්‍රී හනා-රවුහිටි මයිපි-ක්ලාක් සම්ප්‍රදායිකහකා සමූහ නර්තනය ආරම්භ කළේ පනතට තම පක්ෂය සහාය දෙන්නේ දැයි කළ විමසීමෙන් පසුවය.
ඒ අතරම, මාඕරි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් විසින් සංවිධාන කරන ලද hīkoi සාමකාමී විරෝධතා පාගමනක් වෙනුවෙන් වෙලින්ටන් දෙසට ගමන් කළාය.
නවසීලන්තයේ ඈත උතුරෙන් සඳුදා ආරම්භ වී බදාදා ඕක්ලන්ඩ් වෙත ළඟා වූ, පනතට එරෙහි දින 10 පා ගමනට දහස් ගණනක් දැනටමත් සම්බන්ධ වී ඇත.
නවසීලන්තය බොහෝ විට ආදිවාසී අයිතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රමුඛයා ලෙස සලකනු ලැබේ.
කෙසේවෙතත් පනත් කෙටුම්පතට විරුද්ධ වන්නන් බිය වන්නේ එම අයිතිවාසිකම් මෙම පනත මගින් අවදානමට ලක් වනු ඇති බවටයි.
නවසීලන්තයේ වාර්ගික සබඳතා සඳහා මූලික වූ 1840 Waitangi ගිවිසුමේ මූලධර්ම නීත්‍යනුකූලව නිර්වචනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවට පනත ඉදිරිපත් කළ දේශපාලන පක්ෂය තර්ක කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart