
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකය මගින් පිළියන්දල දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අවස්ථාවේ සැකකටයුතු අන්දමින් හැසිරුණු යතුරු පැදිකරුවන් දෙදෙනා සොයා පිළියන්දල පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ‘දිවයින පුවත්පත’ වාර්තා කරයි.
මෙම සැකකටයුතු දෙදෙනා පැමිණි යතුරු පැදියේ අංකය ව්‍යාජ එකක් බවද විමර්ශන වලින් හෙළි වී තිබේ.
මේ සිද්ධිය පිළිබඳව විග්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විසින් පිළියන්දල පොලිසිය වෙත පෙරේදා (01දා) පැමිණිල්ලක්ද කර ඇත.
විශ්‍රාමික පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම සඳහා විශ්‍රාමික පොලිස් සාමූහිකයේ සභාපති හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය 30 වැනිදා විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
එම සාකච්ඡාව පැවැත්වූ ස්ථානයට නුදුරින් වූ ස්ථානයක, යතුරු පැදියක පැමිණි මුහුණු ආවරණය කරගත් නාඳුනන පුද්ගලයන් දෙදෙනකු බොහෝ වේලාවක් තිස්සේ හැසිරෙමින් සිට ඇත.
ඔවුන්ගේ හැසිරීම පිළිබඳව සැකකළ විශ්‍රාමික පොලිස් නිලධාරීන් ඔවුන් පරීක්ෂා කිරීමට උත්සාහ කරද්දී පළාගොස් තිබේ.
මෙම සැකකටයුතු පුද්ගලයන් දෙදෙනා කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීමට හෝ ඔත්තු බැලීමේ අරමුණින් මෙම ස්ථානයට එන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart