
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට සංචාරයක නිරත දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ඊයේ සවස ගාලු මුවදොර හෝටලයේදී ජාතික ජන බලවේගයේ (NPP) නියෝජිතයන් හමුවී තිබේ.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, එහි විධායක කමිටු සාමාජිකයන් වන නලින්ද ජයතිස්ස සහ වසන්ත සමරසිංහ ද මෙම රැස්වීමට සහභාගි වූහ.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) මැදිහත්වීම, මැතිවරණ ක්‍රියාවලියේ අඛණ්ඩතාව සහතික කිරීම සහ ඉන්දියන් සාගර කලාපය තුළ ආරක්ෂාව ආදී කරුණු පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart