
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් වෙනුවෙන් කැප වී ක්‍රියාකරන, ජපානයේ, නිහෝන් හිඩන්කියෝ සංවිධානය වෙත, 2024 නොබෙල් සාම ත්‍යාගය පිරිනමන බව, නොබෙල් සාම කමිටුව ඊයේ (11) නිවේදනය කළේ ය.
නිහෝන් හිඩන්කියෝ සංවිධානය නිර්මාණය වී ඇත්තේ, හිරෝෂිමා සහ නාගසාකි ප්‍රදේශවලට එල්ල වූ පරමාණු බෝම්බවලින් ජීවිත ගලවාගත් පිරිසගේ එකතුවකිනි.
ජපානයේ ප්‍රාන්ත 47ක ව්‍යාප්තව ඇති එම සංවිධානයේ සාමාජිකයන් සංඛ්‍යාව, එක් ලක්ෂ 74,080 කි.
එදා බෝම්බ ප්‍රහාරවලින් බේරී අද වෙනත් රටවල සිටින පුද්ගලයන් ද මෙම සංවිධානයේ සාමාජිකයන් වෙයි.
මෙවර නොබෙල් සාමත්‍යාග අපේක්ෂක ලැයිස්තුවට විවිධ පාර්ශ්ව 286ක් ඇතුළත්ව තිබිණි.
ඒ, පුද්ගලයන් 197ක් හා සංවිධාන 89ක් ලෙසය.
න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් වෙනුවෙන් කැප වී ක්‍රියාකරන, ජපානයේ, නිහෝන් හිඩන්කියෝ සංවිධානයට සම්මානය පිරිනැමුණේ මේ සියල්ල අතරිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart