
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු වූ බවට කැනඩාව විසින් කිසිදු සොයාගැනීමක් කර නොමැති බව කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා රජයට දන්වා ඇත.
කෙසේවෙතත් කැනඩාවේ මෙම නිල ස්ථාවරය කැනේඩියානු අගමැති ජස්ටින් ට්රූඩෝ (Justin Trudeau) ඇතුළු එරට ඇතැම් නායකයන් විසින් එල්ල කර ඇති චෝදනාවලට පටහැණි වේ.
එල්ටීටීඊයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ යුද ජයග්‍රහණයේ සංවත්සරයේ දිනකට පෙර, එනම් -පසුගිය 2023 මැයි 18 වැනි දින කැනේඩියානු අගමැතිවරයා ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුව ඇති බවට චෝදනා එල්ල කළේය.
එමනිසා, දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය ලෙස මැයි 18 පත් කිරීමේ යෝජනාව පසුගිය වසරේදී පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කළ බවද අගමැතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, මෙරට කැනේඩියානු මහකොමසාරිස්වරයා විදේශ කටයුතු අමාත්‍යංශය වෙත කැඳවා ශ්‍රී ලංකා රජය ඊට සිය විරෝධය පළකළේය.
කැනඩාවේ නිල ස්ථාවරය වෙනත් ආකාරයකින් තිබියදීත්, එරට දෙමළ ඡන්ද නිසා කැනේඩියානු දේශපාලනඥයන් මෙවැනි පදනම් විරහිත චෝදනා දිගින් දිගටම එල්ල කරන බව ශ්‍රී ලංකා බලධාරීන් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart