
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයේ සහ අමෙරිකාවේ විකුණුම් පහත වැටීමට මුහුණ දීම සඳහා ගෝලීය නිෂ්පාදනය කප්පාදු කරන බැවින්, දහස් ගණනක් කම්කරුවන් සේවයෙන් ඉවත් කරන බව නිසාන් (Nissan) මෝටර් රථ නිෂ්පාදන සමාගම පවසා ඇත.
ජපාන මෝටර් රථ නිෂ්පාදන දැවැන්තයා පවසන්නේ, පිරිවැය ඉතිරිකිරීමේ උත්සාහයක් ලෙස එම සමාගමට සමගාමීව පවතින ලොව පුරා රැකියා 9,000ක් කපාහරින බවයි.
එමඟින් එහි ගෝලීය නිෂ්පාදනය පහෙන් එකකින් අඩුවනු ඇති බව ද සමාගම පවසයි.
රැකියා කප්පාදු කරන්නේ කුමන රටවල ද යන්න සම්බන්ධයෙන් බීබීසී ප්‍රවෘත්ති සේවය කළ විමසීමට නිසාන් සමාගම ප්‍රතිචාර දක්වා නොමැත.
ඊසානදිග එංගලන්තයේ සන්ඩර්ලන්ඩ් හි ස්ථාපිත නිසාන් මෝටර් රථ නිෂ්පාදන කම්හලේ 6,000 කට වැඩි පිරිසක් සේවය කරයි.
සමාගම 2024 සඳහා එහි මෙහෙයුම් ලාභ පුරෝකථනය 70% කින් කපාහැර ඇත.
සමාගම සිය ඉදිරි දැක්ම පහත දැමූ දෙවැනි අවස්ථාව මෙයයි.
“මෙම හැරවුම් පියවරයන් සමාගම හැකිළෙමින් පවතින බවක් ඇඟවෙන්නේ නැත,” නිසාන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මකෝටෝ උචීඩා පවසයි..
“නිසාන් සමාගම සිය ව්‍යාපාරය වඩාත් ඔරොත්තු දෙන ලෙස ප්‍රතිව්‍යුහගත කරනු ඇත.” යනුවෙන් ද ඔහු පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart