
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් තෙදින නිල සංචාරයක් සඳහා අද පෙරවරුව් දිවයිනට පැමිණියාය.
විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය, ජල සම්පාදන අමාත්‍ය, වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමාන් ඇතුළු පිරිසක් ගුවන්තොටුපොළේදී ඇමැතිනියව පිළිගනු ලැබූහ.
කොළඹ ඉන්දියානු මහකොමසාරි ගෝපාල් භාග්ලේද එම අවස්ථාවට එක්ව සිටියේය.
ඇයගේ සංචාරය අතරතුර, ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් මෙරටට පැමිණීමේ 200 වැනි සංවත්සරය සහ ඉන්දියා-ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුව ඇතුළු උත්සවයට කිහිපයකට සහභාගී වීමට නියමිතය.
ඇමැතිනිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල ද නිරත වනු ඇත.
එසේම ඇමැතිනිය මෙරට ආගමික ස්ථානවල සූර්ය විද්‍යුත්කරණය සඳහා අවබෝධතා ගිවිසුමක් හුවමාරු කර ගැනීම, ත්‍රිකුණාමලයේ සහ යාපනයේ SBI (State Bank of India) ශාඛා විවෘත කිරීම සහ ආගමික හා සංස්කෘතික ස්ථාන කිහිපයක් නැරඹීමටද නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart