May 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු නවදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණ නියෝගයක් උල්ලංඝනය කිරීමේ චෝදනාව මත මෙම කණ්ඩායම අත්අඩංගුවට ගෙන ඇත.

අද පෙරවරුවේ, කොළඹ රෝහල් චතුරශ්‍රයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අවට ප්‍රදේශයට විරෝධතාකරුවන්ට ඇතුළුවීම වළක්වමින් අධිකරණ නියෝගයක් නිකුත් කරන ලදී.

අද දහවල් 12.00 සිට හෙට (මැයි 17) පස්වරු 05.00 දක්වා රෝහල්වලට බාධා වියහැකි කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීම විරෝධතාකරුවන්ට අධිකරණ නියෝගය මගින් වළක්වා තිබේ.