
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ ‘කතරගම නිල්මිණි’ නමැති කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ(12) අත්අඩංගුවට ගෙන තිබේ.
කතරගම, ගෝතමීගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් 1,689,000 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව අදාළ කාන්තාව කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව කාර්යාංශ පනත උල්ලංඝණය කිරීම යන චෝදනාව යටතේ අදාළ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ දින තලංගම පොලිස් ස්ථානයේ රඳවා සිටි අතර, අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ඊශ්‍රායල් රැකියා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති අවබෝධතා ගිවිසුමක් අනුව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන් පමණි. ඒ
අනුව කිසිඳු බාහිර පුද්ගලයෙකුට ඒ සඳහා මැදිහත් විය නොහැකි අතර, එසේ රැකියා ලබාදීමට හැකි බව පවසා මුදල් අය කරන පුද්ගලයින් පිළිබඳව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට දැනුම් දෙන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart