
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය වසර තුනක කාලයක් තිස්සේ සොයන ලද ශ්‍රී ලංකාවේ මිනිස් ජාවාරම් සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන චූදිතයකු ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය (NIA) ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
සීනි අබුල්ඛාන් නමැති මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔහු සැඟවී සිටි තමිල්නාඩුවේ රාමනාතපුරම් ප්‍රදේශයේදීය.
NIA පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ, ඔහු සහ ඔහුගේ සගයන් විසින් ජාවාරම් කරන ලද වින්දිතයන් දුම්රියෙන්, කාර්වලින් සහ බයිසිකල්වලින් මංගලුරු වෙත යැවීමට පෙර බෝට්ටුවල සිරකර තබා ඇති බවයි.
2021 ජූනි මාසයේදී ජාවාරම්කරුවන් වෙතින් ශ්‍රී ලාංකිකයන් 13 දෙනකු බේරාගැනීමට සෝදිසි මෙහෙයුම් කිරීම් සිදුකිරීමෙන් පසු මෙම නඩුව මුලින් මංගලුරු නගර පොලිසිය විසින් ගොනුකර ඇත.
පසුව NIA විසින් විමර්ශනය භාර ගත් අතර, ජාවාරමේ ප්‍රධානියා LTTE සංවිධානයට සම්බන්ධ ඊසාන් ලෙස හඳුන්වන ශ්‍රී ලාංකිකයකු බව අනාවරණය වී තිබේ.
ඔහු ශ්‍රී ලාංකිකයන් 38 දෙනකු තමිල්නාඩුවේ විවිධ ස්ථානවලට නීතිවිරෝධී ලෙස ගෙන ඒමට සහ චූදිතයන් සමඟ හවුල් වී රැකියා සහ හොඳ ජිවන තත්වයක් ලබාදෙන බවට වින්දිතයන්ට පොරොන්දු වී ඇත.
අවසානයේ වින්දිතයන්ට කැනඩාවට සංක්‍රමණය වීම සඳහා නීත්‍යානුකූල ලියකියවිලි ලබාදෙන බවටද ඔහු පොරොන්දු ලබාදී ඇතැයි NIA පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart