
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 වසර අවසාන වන විට, ලොව ප්‍රමුඛතම ඩිජිටල්(cryptocurrency) හෙවත් අතථ්‍ය මුදල් ඒකකය වන බිට්කොයින්(Bitcoin) එකක වටිනාකම එක්සත් ජනපද ඩොලර් 100,000 සීමාව දක්වා ළඟා විය හැකි බව Standard Chartered (STAN.L) සඳහන් කරයි. ,මේ වන විට බිට්කොයින් එකක මිල එක්සත් ජනපද ඩොලර් 27,000 ක් පමණ වේ. ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාකම රුපියල් ලක්ෂ 90කට ආසන්න අගයයකි.
2021 නොවැම්බර් මාසයේ දී බිට්කොයින් එකක අගය ඩොලර් 68,000 සීමාව ඉක්මවා ගිය අතර එය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වී ඇති ඉහළම අගය වේ.
බිට්කොයින් සම්බන්ධයෙන් මේ ආකාරයෙන්ම විවිධ ආයතන විසින් අනාවැකි පළ කළ අතර, වරක් Citi ආයතනයේ විශ්ලේෂකයකු පවසා සිටියේ 2022 වසර අවසන් වන ඩොලර් 318,000 ක් දක්වා බිට්කොයින් එකක මිල ඉහළ යනු ඇති බවයි. එහෙත් 2022 වසර අවසන් වූයේ බිට්කොයින් එකක මිල ඩොලර් 16,000 ක් දක්වා පහත වැටෙමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart