
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට පෙර නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි සිදුවු වෙඩි තැබිමකින් පුද්ගලයන් දෙදෙනකු ජිවිතක්ෂය පත්ව තිබේ.
තවත් 6 දෙනෙකු මෙම වෙඩි තැබිමෙන් තුවාල ලබා ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කර ඇත.
වෙඩිතැබීම සිදුවූ ඕක්ලන්ඩ් හි ක්වීන් වීදියට නවසීලන්ත අගමැතිවරයා ඒ මොහොතේම පැමිණ තිබේ.
එහිදී ඔහු පොලිසියට සහ එම ස්ථානයේ තත්ත්වය පාලනය කිරිමට කටයුතු කළ සියලුදෙනාට ස්තුතිය පළකර ඇත.
වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මියගොස් ඇත.
නවසීලන්ත අගමැති ක්‍රිස් හිප්කින්ස් පවසා ඇත්තේ සැලසුම් කල පරිදි කාන්තා පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන බවයි.
ලෝක පාපන්ද බලධාරීන් සහ ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නොමැති බවද තහවුරු කර තිබේ.
කාන්තා පාපන්දු ලෝක කුසලානයේ පළමු තරගය නවසීලන්තය සහ නොර්වේ කණ්ඩායම් අතර ඊඩ්න් පාර්ක්හි අද පැවැත්වෙනු ඇත.
නවසීලන්තය සහ ඕස්ට්රේලියාවෙි සම සත්කාරකත්වයෙන් මෙවර කාන්තා පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart