
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට බදු එකතු කිරීමේ ක්රමයේ නැවත වෙනසක් සිදු කිරීමට රජය තීරණය කර තිබේ.
මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසන්නේ ඊට අදාළ යෝජනා සහ යෝජනා ඇතුළත් වාර්තාවක් මුදල් ඇමැතිවරයාද වන ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවයි.
රටේ බදු එකතු කිරීමේ ක්‍රමවේදවල අඩුපාඩු කිහිපයක් පවතින බවත්, එබැවින් නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමෙන් එය වඩාත් කාර්යක්ෂම වන බවත් රාජ්‍ය ඇමැතිවරයා පෙන්වාදෙයි.
අවිස්සාවේල්ල ප්‍රදේශයේදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් මත මෙම වාර්තාව සම්පාදනය කරන බවයි.
නව ක්‍රමය නිසා බදු ගෙවන්නන්ට බරක් නොවන බවද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරයි.
ලබන ජුනි මස 01 වැනිදා ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත මෙම බදු වාර්තාවට කෙටි මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන යෝජනා ඇතුළත් වන බව ඔහු වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart