
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් මිලියන 91 කට වැඩි වටිනාකමකින් යුත් තත්ත්වයෙන් උසස් වේගය ගණනය කරන උපකරණ (තුවක්කු) 30ක් බෙදාදීම අද සිදු කෙරිණි.
ඒ, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේ පැවති උත්සවයකදීය.
එහි පළමු අදියරේ කොටසක් ලෙස මීගමුව, කැලණිය, සහ ගම්පහ යන ප්‍රදේශවල මෙන්ම බස්නාහිර පළාතේ දකුණු රථවාහන අංශයේ ප්‍රාදේශීය නිළධාරීන් සඳහා මෙම උපකරණ බෙදා දී තිබේ.
අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද වේග තුවක්කු සඳහා ලේසර් තාක්ෂණය භාවිත කරන අතර රාත්‍රී මෙහෙයුම් සඳහා එම තුවක්කු ඵලදායී බව පැවසේ.
2024 වසරේදී මෙරට තුළ රථවාහන අනතුරු 24,589ක් වාර්තා වී ඇත.
ඉන් 2,242ක් මාරක අනතුරුවන අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 2,253ක් වේ.
අධික වේගයෙන් රිය පැදවීමේ සිද්ධීන් 31,182 ක් එම කාලය තුළදී පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර, ඉකුත් වසරේ සිදුවූ රිය අනතුරුවලින් අනතුරු 731 ක්ම සිදුව ඇත්තේ අධික වේගය නිසා බව පොලිසිය පවසයි.
මෙම නව ක්‍රියාමාර්ග හරහා එවැනි සිදුවීම් අවම කිරීම පොලිසියේ අරමුණ වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart