
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්‍රිතාන්‍ය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ අමෙරිකාව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ සභාගත කර ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන මැයෙන් වන එම යෝජනාව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ මහ කොමසාරිස්වරයේගේ ලේකම් කාර්යාලයට ඉදිරිපත් කර තිබිණි.
A/HRC/57/L.1 දරන අදාළ යෝජනාව ශ්‍රී ලංකා රජය දැනටමත් ප්‍රතික්ෂේප කර ඇති 51/1 යෝජනාවේ විධානයන් අලුත් කිරීමට බලාපොරොත්තු වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදී ඉදිරිපත් කරන ලද නව යෝජනාව මගින් එම කවුන්සිලයේ 51/1 යෝජනාවේ ඇතුළත් මානව හිමිකම් පිළිබඳ, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ සහයෝගය ඉල්ලා සිටින අතර සියලුම කාර්යයන් දීර්ඝ කිරීමට අවසරය ද ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart