
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විද්‍යාඥයන් පිරිසක් විසින් පෘථිවියට සමාන නව ග්‍රහලෝකයක් සොයාගෙන ඇත.
එය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40 ක් දුරින් පිහිටා ඇතැයි පැවසේ.
වාසයට සුදුසු ලෝක සෙවීමේදී මෙම ග්‍රහලෝකය කැපීපෙනෙන සොයා ගැනීමකි.
එය පෘථිවියට වඩා තරමක් කුඩා වන අතර පෘථිවියට වඩා තරමක් උණුසුම් බව අනුමාන කෙරේ.
අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත බොහෝ ග්‍රහලෝක, බාහිර ග්‍රහලෝක ලෙස හැඳින්වේ.
ඒවා අපගේ ලෝකයට වඩා විශාල හා උණුසුම් වේ.
අලුතින් සොයාගත් ග්‍රහලෝකය Gliese 12b ලෙස හඳුන්වයි.
පර්යේෂකයන් පවසන්නේ එය පිටසක්වල ජීවීන්ගේ නිවහනක් දැයි සොයාගැනීමට නොහැකි වුවද එය වෙනත් ලෝක සෙවීමට උපකාරී වන බවයි.
නව ග්‍රහලෝකය සෑම දින 12.8 කට වරක් එහි ධාරක තාරකාව වටා ගමන් කරන බව පැවසේ.
එය ප්‍රමාණයෙන් සිකුරු ග්‍රහයාට සමාන බවත් පෘථිවියට වඩා තරමක් කුඩා බවත් පැවසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart