
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැලණි ගඟ දෙපස සිටින ජනතාව වෙනුවෙන් නව නගරයක් ඉදිකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පැවසීය.
සාගල රත්නායක මේ බව සඳහන් කළේ අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් සොයාබැලීමේ නිරීක්ෂණ චාරිකාවකට අද (07) එක් වෙමිනි.
එහිදී ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මෙසේද පැවසීය.
“මෙවැනි ගංවතුර නැවත ඇතිවීම වැළැක්වීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් පිළිබඳව ද අධ්‍යනය කරමින් සිටිනවා. අනවසර ඉදිකිරීම්, ඉඩම් ගොඩ කිරීම් වැනි කරුණු මෙවැනි ගංවතුර තත්ත්වයන් ඇතිවීමට හේතු වී ඇති බව අනාවරණය වෙමින් තිබෙනවා. එම නිසා ගංවතුර පාලනය කිරීම සඳහා අනවසර ඉදිකිරීම් සහ ඉඩම් ගොඩකිරීම් නැවැත්වීමට කැබිනට් ඇනුමැතිය ලබා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා.
කැලණි ගඟ දෙපස සිටින ජනතාව වෙනුවෙන් නව නගරයක් නිර්මාණය කිරීමටද අවධානය යොමු වී තිබෙනවා. ඒ සඳහා රෝහල්, පාසල්, තට්ටු නිවාසවලින් සමන්විත සියලු පහසුකම් සහිත නගරයක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා.
IDH රෝහල, ලංගම ඩිපෝව වැනි රාජ්‍ය ආයතනත් මෙම ප්‍රදේශයේ තිබෙනවා. එම නිසා නව නගරය නිර්මාණය කිරීම පිළිබඳ මෙම ප්‍රදේශයේ ජනතාව සමඟ සාකච්ඡා කර ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.
මෙහිදී සියලු දෙනාගේ එකඟතාවය ඇතිව නිවැරදි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
ඉදිරි වසර දහයක කාලයක් ඇතුළත එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart