October 3, 2025

සිය ආදා­ය­මට වඩා රුපි­යල් මිලි­යන 28ක වත්කම් නීතිවිරෝ­ධීව උපයා ගැනී­මක් සම්බ­න්ධ­යෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂම විසින් අත්අ­ඩං­ගු­වට ගත්, හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ ප්‍රධාන ආර­ක්ෂක නිල­ධා­රියා වන විශ්‍රා­මික ලුති­නන් කර්නල් නෙවිල් වන්නි­ආ­රච්චි ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අසංක බෝද­ර­ගම ඊයේ (02) නියෝග කළේය.

වත්කම් විම­ර්ශ­න­ය­කට අදා­ළව ප්‍රකා­ශ­යක් ලබා­ගැ­නී­මට අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂම හමු­වට කැඳවා ප්‍රකාශ සට­හන් කර­ගැ­නී­මෙන් අන­තු­රුව නෙවිල් වන්නි­ආ­රච්චි අත්අ­ඩං­ගු­වට ගත්තේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභා­වට 2014 වසරේ ජූලි 24 වැනිදා ලද පැමි­ණි­ල්ල­කට අනුව මෙම විම­ර්ශ­නය ආරම්භ වී තිබේ. මෙම විම­ර්ශ­න­යට අදා­ළව 2016 වසරේ සිට නෙවිල් වන්නි­ආ­ර­ච්චි­ගෙන් තොර­තුරු ඉල්ලා ඇතත් ඔහු තොර­තුරු ලබා­දීම දිගින් දිග­ටම මඟ­හැර ඇති බව අල්ලස් කොමි­සම සඳ­හන් කරයි.

සැක­කාර නෙවිල් වන්නි­ආ­රච්චි දීර්ඝ කාල­යක් තිස්සේ විම­ර්ශ­න­යට සහාය නොදීම එසේම වත්කම් සම්බ­න්ධ­යෙන් පව­තින නඩු පහ­කට සැක­කරු වරද පිළි­ගැ­නීම මෙන්ම දිගින් දිග­ටම කළ නියෝ­ග­ව­ලට පට­හැ­ණිව ක්‍රියා කිරීම වැනි කාරණා සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඔහුව රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියම කළේය.

සැක­කරු නීති විරෝ­ධීව ඉපයූ බව පැව­සෙන දේපළ සම්බ­න්ධ­යෙන් සවි­ස්ත­රා­ත්මක වාර්තා­වක් ඉදිරි දින අධි­ක­ර­ණ­යට ගොනු­ක­රන ලෙසද මහේ­ස්ත්‍රා­ත්ව­රයා අල්ලස් කොමි­ස­මට නියෝග කළේය.

සැක­කරු 2014 වස­රට අදාළ වත්කම් බැර­කම් ප්‍රකාශ සැක­කරු ලබාදී නැති බවත් වසර අටක් තිස්සේ සිදු කරන විම­ර්ශ­නය වරින් වර සැක­කරු මඟ­හැර ඇති බවත් අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

“සැක­ක­රුට වල­ස්මුල්ලේ අක්කර 3.7 ඉඩ­මක්, ඉන්ධන පිර­වු­ම්හ­ලක් තිබෙ­නවා. පල්ලෙ­කැලේ රුපි­යල් ලක්ෂ හත­ළිස් පහක විය­ද­මින් වැය කළ නි‍ෙව­සක් තිබෙ­නවා.

මහ­ර­ගම නාවින්නේ රුපි­යල් ලක්ෂ එක­සිය විසි­ප­හක නි‍ෙව­සක් සහ දාසය ලක්ෂ පන­ස්ද­හ­සක වටි­නා­ක­මින් යුත් නි‍ෙව­සක් දෙම­ට­ගොඩ ප්‍රදේ­ශයේ තිබෙ­නවා. තිස්ස­ම­හා­රාමේ පර්චස් 45.5 ඉදි­කෙ­රෙන හෝට­ල­යක් සැක­කරු සතු වන අතර කෝට්ටේ මාදි­වෙල රුපි­යල් ලක්‍ෂ හාර­සී­යක ඉඩ­මක් සහ බෙලි­අත්ත සහ වීර­කැ­ටිය ප්‍රදේ­ශ­වල බදු පද­නම මත ගත් කඩ සාප්පු දෙකක් පව­තින බව විම­ර්ශන අනා­ව­ර­ණය කර තිබෙ­නවා“ යැයි සැක­කරු ඉදි­රි­පත් කර­මින් අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

වැඩි­දු­ර­ටත් කරුණු ඉදි­රි­පත් කර­මින් අල්ලස් කොමි­සම මෙසේ ද සඳ­හන් කළේය.

“මේ විම­ර්ශ­නය සිදු කරන්නේ ලැබුණු පැමි­ණි­ල්ල­කට අනුව. එම පැමි­ණි­ල්ලට අනුව 2016 දෙසැ­ම්බර් සිට 2017 ජන­වාරි දක්වා වත්කම් බැර­කම් ලබා දෙන ලෙස සැක­ක­රුට කොමි­සම විසින් දැනුම් දුන්නා. ඒ අනුව මාස හත­කට පසුව දුන් තොර­තුරු විමසා බැලී­මේදී සත්‍ය ඒවා නොවන බවට අනා­ව­ර­ණය වීම මත නැව­තත් සැක­ක­රුට සත්‍ය තොර­තුරු දෙන ලෙස දැනුම් දුන්නත් ලබාදී නැහැ.

වසර අටක සිට අවස්ථා කිහි­ප­ය­කදී ආදා­යම් විය­දම් වාර්තා සහ වත්කම් සම්බ­න්ධ­යෙන් විම­සීම් කළත් 2025 අගෝ­ස්තු­තෙක් සම්පූර්ණ තොර­තුරු ලබාදී නැහැ. සැක­කරු විසින් 2013.01.01 සිට 2014.1.24 දක්වා වූ කාලය තුළින් සැක­ක­රුගේ ආදා­යම අබි­බ­ව­මින් සැක­කරු මිලි­යන විසි අටක් උපයා ඇති බවයි කොමි­සම කළ විම­ර්ශ­න­යෙන් අනා­ව­ර­ණය කර තිබෙ­නවා.

තොර­තුරු ලබා­දෙන ලෙස කරන දැන්වී­ම්ව­ලදී දිගු කාල­යක් ලබා­ගෙන ඉදි­රි­පත් කළත් ඒ තොර­තු­රුත් නිවැ­රැදි සහ සම්පූර්ණ තොර­තුරු නොවන ඒවා බවට විම­ර්ශන අනා­ව­ර­ණය වීම සහ නැවත දිවු­රුම් ප්‍රකා­ශ­යක් දෙන ලෙස දැනුම් දුන්න ද තොර­තුරු ලබා නොදීම මත 2025.09.26 දින පැමි­ණෙන ලෙස සැක­ක­රුට දැනුම් දුන්නද ප්‍රකා­ශ­යක් ලබා දෙන ලෙස සැක­කරු නැවත ඉල්ලා තිබෙ­නවා.

විම­ර්ශ­නය සහය දීම වෙනු­වට සැක­කරු කර ඇත්තේ වසර අටක් තිස්සේ දින ඉල්ල­මින් එක දිගට කාලය ගෙවා දැමී­මයි. ඒ අනුව කොමි­සමේ නිල­ධා­රීන් පිරි­සක් සැක­කරු පදිංචි අත්ත­න­යායේ මැද­මු­ලන පිහිටි නි‍ෙව­සට ගියත් සැක­කරු එහි සිට නැහැ.

දුර­ක­ත­න­යෙන් සැක­කරු සම්බන්ධ කර­ගැ­නී­මට උත්සාහ කළත් දුර­ක­ත­නය විසන්ධි කර තිබුණා. එක අව­ස්ථා­වක දුර­ක­තන ක්‍රියා­ත්මක වී ඇම­තු­මට සම්බන්ධ වී තත්පර 52ක වැනි කාල­යක් තුළ වෙනත් දින­යක් දෙන ලෙස සැක­කරු ඉල්ලා සිටියා. ඒ අනුව නැවත පදිංචි ලිපි­න­යට ඊයේ ගොස් අද පැමි­ණෙන ලෙස ඔහුට ලිපි­යක් ලබා­දුන්නා. සැක­කරු 2014 සිට මේ දක්වා කරුණු අනා­ව­ර­ණය නොකළ වත්කම් රැසක් පව­තින බව විම­ර්ශන අනා­ව­ර­ණය කර තිබෙ­නවා.

සැක­ක­රුට අයත් ඉහත දේපළ සම්බ­න්ධ­යෙන් පුළුල් විම­ර්ශ­න­යක් කළ යුතුයි. සංකීර්ණ විම­ර්ශ­න­යක් ආදා­යම් ලෙස බස් රථ, ටිපර් රථ කුලි­යට දීම සැක­කරු සිදු­කර තිබෙ­නවා. 2017 සිට 2025 වන තෙක් බස් රථ­වල සේවය කළ අයගේ තොර­තුරු දෙන ලෙස ඉල්ලු­වත් දුන්නේ නැහැ.

2015 වසරේ තොර­තුරු කිහි­ප­යක් ලබා දුන්නත් බස් රථ­වල සේවය කළ දෙදෙ­නෙක් හැර අනෙක් අය ඥාතීන් සහ හිත­ව­තුන් බව ඔහු ප්‍රකාශ කර තිබෙ­නවා. ඒ අයගේ ප්‍රකාශ සට­හන් කර විම­ර්ශන කළ යුතුය. විම­ර්ශ­න­යට බාධා කර­මින් කල් හැරී­මට කට­යුතු කර තිබෙ­නවා. මෙතෙක් කළ විම­ර්ශ­නයේ මිලි­යන 28ක් උප­යා­ගත් ආකා­රය සම්බ­න්ධ­යෙන් තොර­තුරු නැහැ. ඊට අදාළ බැංකු වාර්තා ඉඩම් රෙජි­ස්ට්‍රාර් කාර්යා­ල­වල ලේඛන විශාල ප්‍රමා­ණ­යක් පරි­ශී­ල­නය කළ යුතුයි“

මහේ­ස්ත්‍රා­ත්ව­රයා-

සැක­ක­රු­වෙක්ගේ ආදා­යම ගණ­නය කළේ කොහොම ද?

කොමි­සම – පුළුල් විම­ර්ශ­න­යක් කිරීම සම්බ­න්ධ­යෙන් තොර­තුරු අනා­ව­ර­ණය කර­ගත්තා.

මහේ­ස්ත්‍රා­ත්ව­රයා-

තොර­තුරු අනා­ව­ර­ණය කර­ගත්තේ සැක­ක­රු­ගෙන්ද? වෙනත් ආකා­ර­ය­කින් ද?

කොමි­සම – සිදු කළ විම­ර්ශ­න­ව­ලින්

ස්වාමීනි, මේ විම­ර්ශ­නය ඉතා­මත් සංකී­ර්ණයි. මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ බල­පත්‍ර සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය කරන්න ඕනෑ. රිය­දුරු කොන්දො­ස්ත­ර­ව­රු­න්ගෙන් ප්‍රකාශ ගන්න ඕනෑ. සැක­කරු වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ප්‍රමුඛ නීතිඥ මඬුල්ල කරුණු දක්ව­මින් මෙසේ කීවේය.

සැක­කරු හමුදා නිල­ධා­රි­යෙක්. 2013 විස්තර අහන්නේ. ඔහුගේ බිරි­යගේ පවුලේ විස්තර දෙන්න කාලය අව­ශ්‍යයි. ඒකයි වෙලාව ඉල්ලුවේ. මා සතු ලේඛන අඩු­පාඩු පව­තින බැවින් කල්ගත වන බවට දැනුම් දෙමින් දැනට පව­තින ලේඛ­නය උප­රි­ම­යෙන් ලබා දෙන බවට ඔහු සැප්තැ­ම්බර් 26 අල්ලස් කොමි­ස­මට දැනුම් දුන්නා.

මේ සම්බ­න්ධ­යෙන් ඔහු දිවු­රුම් ප්‍රකාශ ගණ­නා­වක් වූ විටින් විටදී තියෙ­නවා. සියලු කරුණු සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රයා විම­ර්ශන සම්බ­න්ධ­යෙන් සවි­ස්ත­රා­ත්මක වාර්තා­වක් ඉදි­රි­පත් කරන ලෙස කොමි­ස­මට නියෝග කර­මින් සැක­කරු රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියෝග කළේය.(දිනමිණ)