
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වාද්දුව ප්‍රදේශයේ සංචාරකදී හෝටලයක චීන ජාතිකයින් දෙදෙනකුට පහරදී හෝටලයේ දේපලවලටද අලාභහානි සිදුකළ බව කියන නේපාල ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නේපාල ජාතික පතාක් අනීෂ් සහ අචාර්ය කල්‍යාන් නමැති පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කීය.
සැකකාර නේපාල ජාතිකයන් දෙදෙනා චීන ජාතිකයන් පිරිසක් සමග ඇතිවූ කතාබහකින් පසු ඔවුන්ට පහරදී දේපලවලට හානිකර ඇති බව පොලිසිය සදහන් කරයි.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart