
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහ මැතිවරණයකින් අඛණ්ඩව 03 වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ නරේන්ද්‍ර මෝදිට පකිස්තානය සුබ පැතුම් එක්කර තිබේ.
විදෙස් මාධ්‍ය පැවසුවේ පකිස්තානයේ අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරිෆ් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සුබ පැතුම් පළ කර ඇති බවයි
“ඉන්දීය අගමැති ලෙස දිවුරුම් දීම ගැන @narendramodi ට උත්තමාචාරය,” යනුවෙන් ෂෙබාස් ශරීෆ් සිය X ගිණුමේ සටහන් කර තිබේ.
මේ අතර පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අඛණ්ඩව තෙවැනි වරටත් සිය ධූරයේ වැඩ භාරගැනීම සම්බන්ධයෙන් සුබ පැතුම් එක් කර තිබේ.
මෑත ඡන්ද විමසීම්වලදී භාරතීය ජනතා පක්ෂය ලද සාර්ථකත්වයෙන් පෙන්නුම් කරන්නේ අග්‍රාමාත්‍ය මෝදිගේ නායකත්වය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය බව ඔහු පැවසීය.
ඉකුත් ඉරිදා නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස සිය තෙවන ධූර කාලය සඳහා දිවුරුම් දෙනු ලැබීය.
ඒ සඳහා වූ රාජ්‍ය උත්සවය ඉන්දියාවේ අසල්වැසි සහ ඉන්දියානු සාගර කලාපයේ රටවල නායකයින්ගේ සහභාගීත්වයෙන් රාෂ්ට්‍රපති භවන් හිදී පැවැත්වුණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart