
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්රිකුණාමලය ෆවුල් තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ NERU XINRUI නමැති ඉන්දීය වෙළඳ නෞකාවේ සිටි විදේශිකයකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව අද (28) කටයුතු කර ඇත.
චීනයේ සිට ඉන්දියාව දක්වා යාත්රා කරමින් තිබූ NERU XINRUI නමැති ඉන්දීය වෙළඳ නෞකාවේ සිටි විදේශීය ජාතිකයකු හදිසියේ රෝගී වී ඇති බවට නැගෙනහිර නාවික විධාන මූලස්ථානය වෙත දැනුම්දීමක් සිදුකර තිබේ.
එම දැනුම් දීමට වහාම ප්රතිචාර දැක්වූ නාවික හමුදාව, රෝගී තත්වයේ සිටි එම විදේශීය ජාතිකයා ප්රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒම සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත පි 115 වෙරළබඩ මුර යාත්රාව රෝගී වූ විදේශීය ජාතිකයා සහිත වෙළඳ නෞකාව පිහිටි මුහුදු ප්රදේශය වෙත යොමු කර ඇත.
ඒ අනුව, රෝගී වූ පුද්ගලයා වෙළඳ නෞකාවෙන් වෙරළබඩ මුර යාත්රාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව, ප්රථමාධාර ලබා දෙමින් ත්රීකුණාමලය වරාය වෙත රැගෙන විත්, වැඩිදුර ප්රතිකාර සඳහා ත්රිකුණාමලයේ පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart