
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ මෑතකාලීනව සිදුකළ විගණනයකදී, එම දෙපාර්තමේන්තුව විසින් සැබෑ ඉල්ලුම සැලකිල්ලට නොගෙන තොග වශයෙන් ටිකට්පත් මුද්‍රණය කර ඇතැයි අනාවරණ වී ඇති අතර, එමගින් එම දෙපාර්තමේන්තුවට ආර්ථික වශයෙන් අහිතකර වියදම් නිර්මාණය වී ඇතැයි ද හෙළිදරව් වී තිබේ.
එමෙන්ම එම විගණනයේදී අනාවරණ වී ඇත්තේ 2022 සිට 2024 දක්වා වසර තුනක කාලය තුළ අනෙකුත් කෞතුකාගාරවල සාමාන්‍ය වාර්ෂික අවශ්‍යතා නොසලකා ටිකට්පත් 500 සිට 2,000 දක්වා කාණ්ඩ වශයෙන් ටිකට්පත් පොත් මුද්‍රණය කර ඇති බවයි.
විගණනයට අනුව, 2022 දී ටිකට්පත් 100ක් පමණක් මුද්‍රණය කිරීම සඳහා රුපියල් 1,698,148 ක් වැයකර අතර, 2023 දී ටිකට්පත් 3,500 ක් සඳහා රුපියල් 2,576,061 ක් වැයකර ඇති අතර එමඟින් ටිකට්පත් සඳහා වැයකර ඇති මුළු මුදල රුපියල් 4,274,259 ක් බව ගණන් බලා තිබේ.
විගණන වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ එවැනි වියදම් ආර්ථික වශයෙන් කිසිසේත් සුදුසු නොවන බවයි.
කොවිඩ් සමයෙන් අනතුරුව ක්‍රමයෙන් ඉහළ ගිය විදෙස් සංචාරකයන්ගේ සංඛ්‍යාවේ ඉහළයාමට සමගාමීව මෙලෙස ටිකට්පත් තොග මුද්‍රණය කිරීමට තීරණය කර ඇති බවත්, 2024 සහ 2025 දී නරඹන්නන්ගේ සංඛ්‍යාවේ සැලකිය යුතු ප්‍රගතියක් නිරීක්ෂණය වී ඇති බවත් විගණනයෙන් හෙළිව තිබේ.
dailymirror පුවත්පත මේ සම්බන්ධයෙන් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවෙන් සිදු කළ විමසීමකදී එහි නිලධාරියෙකු පවසා ඇත්තේ පෙර මුද්‍රණය කරන ලද තොගය තවදුරටත් මුද්‍රණය නොකර භාවිතා කරන බවයි.
කෙසේවෙතත් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ අනවශ්‍ය වියදම් වළක්වා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව නවීන, තාක්ෂණය පදනම් කරගත් ටිකට්පත් ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස විගණනයෙන් නිර්දේශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart