
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, භූතානය, නේපාලය සහ මාලදිවයින ඇතුළු අසල්වැසි රටවල නායකයන් සහභාගී වූ උත්සවයකදී නරේන්ද්‍ර මෝදි තෙවැනි වරටත් ඉන්දියාවේ අගමැතිවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.
මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට (BJP) මහමැතිවරණයේදී බලාපොරොත්තු වූ තරමේ බහුතර බලයක් පාර්ලිමේන්තුවේ නොලැබුණු නමුත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ (NDA) හවුල්කරුවන් මත විශ්වාසය තැබීම මත ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතර බලය ලබාගැනීමට හැකියාව ලැබී ඇත.
දිවුරුම් දීමේ උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා සහභාගි වෙති.
අසල්වැසි භූතානය, නේපාලය සහ මාලදිවයින යන රටවල නායකයෝ ද මෙහි වෙති.
73 හැවිරිදි නරේන්ද්‍ර මෝදි අඛණ්ඩව තෙවැනි වරටත් මෙලෙස අගමැති ලෙස දිවුරුම් දුන්නේය.
ඉන්දියාවේ පළමු අගමැති ජවහර්ලාල් නේරුට පසුව එම ජයග්‍රහණය අත්කර ගත් දෙවැනි ඉන්දීය නායකයා මෝදි වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart