
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක් සහිතව පැමිණි සිසුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත බව පොලිසිය පවසයි.
ජනාධිපති අපේක්ෂක හා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේ ආරක්ෂාව සදහා අවට පොලිස් ස්ථානවලින්ද නිලධාරින්ද කැදවා තිබිණි.
එම රැස්වීම පැවැත්වෙන අතරතුරදි ඌවපරණගම ප්‍රදේශයේ පදිංචී පාසැල් සිසුවකු හා විශ්වවිද්‍යාල සිසුවකු රැස්වීම් ශාලාවට ඇතුළුවීමට උත්සහා දැරිමේදී එහි සිටි බණ්ඩාරවෙල විශේෂ අපරාධ අංශයේ පොලිස් නිලධාරින් ඔවුන්ව පරික්ෂාවට ලක්කර තිබේ.
එම තරුණයන් සන්තකයේ ප්ලාස්ටික් පිස්තෝලයක් තිබී හමුවීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගෙන මෙසේ වැලිමඩ පොලිසියට භාරදී ඇත.
සිය මාපියන් එම රැස්විම් ශාලාවේ සිටිම නිසා තමන් දෙදෙනා ආපසු නිවෙස් බලා යන බවට දැනුම්දීමට මෙසේ රැස්වීම් ශලාවට පැමිණි බවට ඔවුන් පැවසූ බවත් වැලිමඩ පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart