
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2015 ජනාධිපතිවරණයේදී ක්‍රීඩා සමාජවලට බෙදාහැරීම සඳහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ආනයනය කිරීමෙන් රජයට මිලියන ගණනක පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට වසර 20 ක සිරදඬුවම් කොළඹ මහාධිකරණය නියම කර ඇත.
එසේම හිටපු සතොස සභාපති නලින් ප්‍රනාන්දුටද වසර 25 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart