
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
1945 නාගසාකි පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවාගෙන අනතුරුව සාමය වෙනුවෙන් පෙනී සිටීමට තම ජීවිතය කැපකළ ෂිගෙමි ෆුකාහෝරි මියගොස් තිබේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 93 කි.
1945 අගෝස්තු 9 වන දින අමෙරිකාව ජපානයේ නාගසාකි වෙත බෝම්බය හෙළන විට ෆුකාහෝරිගේ වයස අවුරුදු 14 කි.
එය සිදුවූයේ 140,000ක් මියගිය හිරෝෂිමා න්‍යෂ්ටික ප්‍රහාරයෙන් දින තුනකට පසුවය.
ජපානය දින කිහිපයකට පසු යටත් වූ අතර, දෙවැනි ලෝක සංග්‍රාමය සහ ආසියාව පුරා පැවැති ජපානයේ අඩසියවසකට ආසන්න ආක්‍රමණශීලීත්වය අවසන් විය.
බෝම්බය හෙළන ලද ස්ථානයේ සිට කිලෝමීටර් 3 ක් පමණ දුරින් පිහිටි නැව් තටාකයක ඔහු සේවය කළේය.
කෙසේවෙතත් එම බියකරු අත්දැකීම පිළිබඳව ඔහු බොහෝ කලක් කතාකළේ නැත.
එහෙත් මීට වසර 15 කට පමණ පෙර, ඔහු ස්පාඤ්ඤයේ සිදුකළ සංචාරයකදී, ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේදී 1937 දී ගුවර්නිකාට බෝම්බ හෙළීමේ අත්දැකීමට මුහුණදුන් පුද්ගලයෙකු හමුවීමෙන් පසුව ඔහු වඩාත් විවෘතව කතාකළේය.
එහිදී බෙදාගත් අත්දැකීම ෆුකාහෝරිගේ අදහස් විවෘත කිරීමට උපකාරී විය.
“බෝම්බය වැටුණු දවසේ මට ඇහුණා උදව් ඉල්ලන හඬක්. මම ළඟට ගොස් මගේ අත දිගුකරන විට, එම පුද්ගලයාගේ සම දියවී ගියා. එය දැනුණු ආකාරය මට තවමත් මතකයි, ”ෆුකාහෝරි 2019 දී ජපානයේ NHK රූපවාහිනිය වෙත පැවසීය.
2019 දී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නාගසාකි වෙත ගිය අවස්ථාවේදී ඔහුට සුදු මල් කළඹක් ලබාදුන්නේ ෆුකාහෝරි විසිනි.
ඊළඟ වසරේ, පැවැති යුද අනුස්මරණ උත්සවයකදී සභාව අමතමින් ෆුකාහෝරි පැවසුවේ “පරමාණු බෝම්බයක් හෙළන අවසන් ස්ථානය නාගසාකි බවට පත්කිරීම සඳහා අපගේ පණිවිඩය යැවීමට මම අධිෂ්ඨාන කරගෙන සිටිමි.” යනුවෙනි.
ෆුකාහෝරිගේ දේහය පිළිබඳ අවමංගල්‍ය උත්සවය ජපානයේ පල්ලියකදී සිදුකරනු ලබන අතර ඒ සඳහා ඔහුගේ දියණිය ඇතුළු පවුලේ සාමාජිකයින් සහභාගී වනු ඇති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart