
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මියන්මාරයේ හමුදා ජුන්ටාව විසින් මියන්මාරයේ භූමිකම්පාවෙන් විනාශ වූ ප්‍රදේශ ආවරණය කිරීමට උත්සාහ කරන විදේශීය ජනමාධ්‍යවලට එම ප්‍රදේශවලට ඇතුළුවීම තහනම් කර ඇතැයි වාර්තා වේ.
නවාතැන් දුෂ්කරතා, විදුලිය ඇනහිටීම් සහ ජල හිඟය සඳහන් කරමින් ජුන්ටාව විදේශීය ජනමාධ්‍යවේදීන්ට මෙම සීමාව පනවා තිබේ.
“විදේශීය මාධ්‍යවේදීන්ට මෙහි පැමිණීමට, රැඳී සිටීමට, නවාතැන් ගැනීමට හෝ එහා මෙහා යෑමට නොහැකිය. මෙය සියලුදෙනාම අවබෝධ කරගැනීමට අපට අවශ්‍යයි,” යනුවෙන් රෙජීමයේ ප්‍රකාශක Zaw Min Tun නිවේදනයක් මගින් පවසා ඇත.
මියන්මාරයේ ප්‍රාදේශීය වාර්තාකරුවන් ද හමුදා පාලනයෙන් එල්ල වන දැඩි තහංචිවලට මුහුණදී සිටින හෙයින්, විදේශ ජනමාධ්‍ය වෙත ඇතුළුවීම ප්‍රතික්ෂේප කිරීම, ව්‍යසනයට ජුන්ටාව දක්වන ප්‍රතිචාරයේ විනිවිදභාවය පිළිබඳ බරපතල කනස්සල්ලක් මතු කරන බව අන්තර්ජාතික පාර්ශව පවසයි.
ජුන්ටාව සිය සෘජු පාලනයට යටත් නොවන ඇතැම් විපතට පත් ප්‍රදේශවලට මානුෂීය ආධාර ලබාදීමට බාධාකරන බවට තවත් පාර්ශව චෝදනා කරයි.
2021 කුමන්ත්‍රණයකින්, නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සුකී ඇතුළු තේරී පත් වූ රජය හමුදාව විසින් පෙරළා දැමූ දා සිට, මියන්මාරය සන්නද්ධ විපක්ෂ කණ්ඩායම් කිහිපයක් සමඟ සිවිල් යුද්ධයක නිරත වී සිටියි.
මේ අතර, ප්‍රචණ්ඩත්වය සහ ආපදාවට ලක් වූ රටේ විවිධ ප්‍රදේශවලට ජුන්ටාව විසින් ගුවන් ප්‍රහාර අඛණ්ඩව සිදුකර ඇති බවට ද වාර්තා වේ.
මේ අතර භූ කම්පනයෙන් මියන්මාරයේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 2000 ඉක්මවා ඇතැයි ජුන්ටාව පවසයි. කෙසේවෙතත් නොනිල සංඛ්‍යාලේඛන ඊට වඩා වැඩි බව වාර්තා වේ.
මියන්මාරය රට තුළ සතියක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත්කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart