
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ පැවැති එක්සත් ජාතීන්ගේ උත්සව වලට සිය පුත්‍රයා පැමිණ සිටීම සම්බන්ධයෙන් උද්ගතව ඇති මහජන විරෝධයට ප්‍රතිචාර දක්වමින් විදේශ ඇමැති අලි සබ්‍රි පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
“සමාජ මාධ්‍යවල මතු වූ කනස්සල්ල දැකීමෙන්, මගේ පුතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල ද්විපාර්ශ්වික රැස්වීම් කිහිපයකට පැමිණ සිටීම ගැන මම පහත කරුණු ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. ජනාධිපතිවරයාට උපකාර කිරීමේදී මගේ වගකීම්වලට අමතරව, ජනාධිපතිතුමා ඔහුගේ ඉහළ මට්ටමේ කටයුතු සමඟ විදේශ ඇමතිවරයා ලෙස මම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සහ වොෂින්ටනයේ මගේ සංචාරවලදී ඉතා අවිවේකී කාලසටහනක් පවත්වා ගෙන යමි. මෙම ගමනට මාගේ මැදිහත්වීම් දහයක් සහ දේශන පැවැත්වීම, ප්‍රසිද්ධ වැඩසටහන් තුනක නිරතවීම සහ ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික රැස්වීම් රාශියකට සහභාගී වීම ඇතුළත් වේ.
මගේ පුත්‍රයා කාලයක් තිස්සේ මගේ ඉල්ලීම පරිදි තාවකාලික, ස්වේච්ඡා පදනමක් මත පර්යේෂණ සහකාර සහ කෙටුම්පත් ලේඛකයකු ලෙස මට සහාය වී ඇත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම් සමයේදී, ඔහු දැනට එක්සත් ජනපදයේ සිය අධ්‍යයන කටයුතු කරගෙන යන බැවින්, දින කිහිපයක් සඳහා ඔහුගේ කාලය සහ විශේෂඥ දැනුම ලබාදීමට ඔහු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. මෙම තීරණාත්මක කටයුතු සඳහා මා සූදානම් කිරීමට ඔහුගේ දායකත්වය මට උපකාර වූ බව පිළිගැනීමට මම සතුටු වෙමි. වැදගත්ම දෙය නම්, ඔහු වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය හෝ ශ්‍රී ලංකා රජය එක රුපියලක්වත් වියදම් කර නොතිබීමයි. ඔහුගේ දායකත්වය සම්පූර්ණයෙන්ම ස්වේච්ඡාවෙන් සිදුවේ. මහජනතාවට ඔවුන්ගේ නියෝජිතයන්ගෙන් වගවීම ඉල්ලා සිටීමට සෑම අයිතියක්ම ඇති බව මම තරයේ විශ්වාස කරන අතර, ඔබේ දැනුවත් විනිශ්චය සඳහා කරුණු සැපයීමට මම කැපවී සිටිමි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart