
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව ඉහළම ධනවතා වන එලෝන් මස්ක්ගේ ටෙස්ලා සමාගමේ ඉංජිනේරුවරයකු එහි රොබෝවරයකුගේ ප්‍රහාරයට ලක් වී තිබේ.
දෝෂයන්ට ලක්වූ රොබෝවන් දෙකක් පරික්ෂා කරමින් සිටි ඉංජිනේරුවකුට පිටුපසින් පැමිණි රොබෝවරයකු මෙලෙස පහරදී ඇතැයි වාර්තා සඳහන් කරයි.
පහරදීමෙන් ඉංජිනේරුවාගේ පිටට සහ අතකට බරපතල තුවාල සිදුව ඇතැයි පැවැසේ.
රෝබෝවරයාගේ එම පහරදීම සමාගමේ සේවයේ නියුතු සේවකයන් දෙදෙනෙකු දැක ඇති බව වාර්තා වේ.
පසුගිය වසරවල රෝබෝවරු සම්බන්ධ මෙවැනි සිදුවිම් වාර්තා වී නොමැති අතර, ස්වයංක්‍රීය රොබෝවරුන්ගේ ක්‍රියාත්මකවීමත් සමග මෙම ගැටලුව නිර්මාණය වී තිබේ.
එසේම, 2022 වසරේ ‘The Information’ හි සමාලෝචනයට අනුව, ටෙස්ලා Giga Texas කම්හලේ සෑම කම්කරුවන් 21 දෙනෙකුගෙන් එක් අයකු රැකියාවේදී තුවාල ලබන බව දැක්වේ.
මේ වන විට ලොව පුරාම රොබෝවරුන් හේතුවෙන් සිදුවන අනතුරු සැලකිව යුතු ලෙස වාර්තා වෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart