
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මොණරාගල ප්‍රදේශයේ එකම පොලිස් ස්ථානයකට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනකු, මවක් සහ ඇයගේ දියණියක අද (04) අලුයම සිදුවූ වෙඩි තැබීම්වලින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒවා එකිනෙකට සම්බන්ධ යැයි සැළකේ.
මොණරාගල, නාමල්ඔය සහ ඉඟිනියාගල ප්‍රදේශවලදී මෙම වෙඩි තැබීම් සිදුවී ඇති බව වාර්තා වේ.
මියගිය පොලිස් නිලධාරීන් මොණරාගල කරඬුගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ අය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.
අද (අගෝස්තු 04) අලුයම අම්පාර, නාමල්ඔය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී 33 හැවිරිදි පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බවයි මුලදී වාර්තා වුණේ.
පොලිසිය පැවසුවේ, අද අලුයම 02.45 ට පමණ මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ නිවසට පැමිණි නාඳුනන ප්‍රහාරකයකු ඔහුට වෙඩිතබා පළා ගොස් ඇති බවයි.
තවද ඉඟිනියාගල – නෙල්ලිඅද්ද ප්‍රදේශයේදී 54 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 17 හැවිරිදි දියණිය ද වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.
මියගිය නිලධාරියා සිටි පොලිස් ස්ථානයටම අනුයුක්තව සේවය කළ තවත් පොලිස් නිලධාරියකු අද කරඬුගල පොලිස් ස්ථානය තුළදී සිය සේවා ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇත්තේ වෙනම සිද්ධියක් වශයෙනි.
කෙසේවෙතත්, පොලිස් ස්ථානය තුළදී සියදිවි නසාගත් 42 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයා සියදිවි හානිකර ගැනීමට පෙර 33 හැවිරිදි පොලිස් නිලධාරියා සහ කාන්තාවන් දෙදෙනාට මරු කැඳවූ වෙඩි තැබීම් දෙකම සිදුකර ඇති බවට පොලිසිය සැකකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart