December 15, 2025

අම්බලන්ගොඩ මෝදර දේවාල කමිටුවේ සභාපති වරුසවිතාන මිරන්ත ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෑතකදී අත්අඩංගුවට ගත් පාතාල නායක අනුර පුෂ්පකුමාර නොහොත් “බටු මීයා” ගේ බිරිඳද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව සහ තවත් තිදෙනකු පොළොන්නරුවේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 20 කට වැඩි ප්‍රමාණයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු, සැකකරුවන් පැය 72 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී ඇත.

වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.