May 24, 2025

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා සහ නිලධාරීන් දෙදෙනකු ජුනි 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් ඉල්ලා සිටීමෙන් එකතු කළ බවට සැලකෙන රුපියල් මිලියන 4ක මුදල් ළඟතබා ගැනීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු සහ නිලධාරීන් දෙදෙනකු මෙලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.