
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ රජයට අයත් ඉඩමක් පිරිසක් නීතිවිරෝධී ලෙස අත්පත් කරගන්නා බවට ලැබුණ පැමිණිල්ලක් මත සොයාබැලීමට එම ස්ථානයට ඊයේ 26 පස්‍වරුවෙ ගිය පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් වීරසේකරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තර්ජනය කළ බවට ඔහු සිය ප්‍රධානීන්ට පැමිණිලි කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනාත්මක ලෙස දොස්නැගීම හේතුවෙන් එහි උණුසුම් තත්වයක් ද මතුවිය.
පුත්තලම පැරණි මන්නාරම මාර්ගයෙ පුත්තලම පෞද්ගලික ලුණු ලේවාය ඉදිරිපිට පිහිටි අක්කර 10ක පමණ ඉඩමකට කිසිවකුටත් ඇතුළු නොවන ලෙසට ප්‍රාදේශීය ලේකම්වරයා තහනම් කර තිබියදී පිරිසක් එම ඉඩමට කම්බි ගසා තිබීම සොයාබැලීමට ගොස් සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි කියති.
මේ අතර එම ඉඩම තමන්ට අයත් බවට පුත්තලම පදිංචිකරුවෝ පිරිසක් ඔප්පු පවා ඉදිරිපත් කරමින් ඉඩම ලුණු කර්මාන්තයෙන් පසු අස්වැන්න ගබඩා කර ගැනීමට ලබාදෙන ලෙස ඉල්ලමින් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඉකුත්දා විරෝධතාවක් ද පැවැත්වූහ.
මේ සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගෙන් කළ විමසීමකදී මසේ කිවේය.
“මේ ඉඩම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට රාජකාරි කළ යුතුයි. එයාට ඒ ස්ථානයට එන්න කිසිම වුවමනාවක් නැහැ. ඒයාට තියෙන්නේ නිලධාරීන් මෙම ස්ථානයට එවිම පමණයි. ප්‍රාදේශීය ලේකම් කොහොමද ඉරිදා රාජකාරි කරන්නේ. එයා ඉන්න ඕන සදුදා. ඒ තියෙද්දී ප්‍රාදේශීය ලේකම් ඉඩම් ජාවාරම්කරු එක්ක එතැන්ට ඇවිත් කියලා මට ආරංචි වුණාට පස්සේ තමයි මම ආවේ. මම එයාට තර්ජනය කළේ නැහැ. නමුත් එතැන යම් සිදුවිමක් වුණා. මේ ඉඩම පුත්තලමේ අපේ මිනිස්සුන්ට අයිති ඉඩමක්. ඒක කාටවත් දෙන්න බැහැ.”(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart