
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි එක්සත් ජනපද ප්‍රාණ ඇපකරුවන් දෙදෙනකු (මවක සහ දියණියක) නිදහස් කර තිබේ.
ජුඩිත් සහ නටාලි රානන් නම් මේ දෙදෙනා දකුණු ඊශ්‍රායලයේ කිබුට්ස් නහාල් ඕස්හිදී හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගන්නා ලදී.
මෙම දෙදෙනා ගාසා තීරයෙන් පිටවී ඊශ්‍රායල මධ්‍යයේ පිහිටි හමුදා කඳවුරක් වෙත ගමන් කරමින් සිටින බව ඊශ්‍රායල අගමැති පවසයි.
නටාලිගේ අර්ධ සොහොයුරා බීබීසීයට පවසා ඇත්තේ, තමා අතිශයින්ම ප්‍රීතියට පත්වන බවයි.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ මෙම තත්වය ගැන තමා “අතිශයින් සතුටට පත්වන” බවයි.
ඔක්‌තෝබර් 07 වැනිදා ප්‍රහාරවලදී හමාස් සංවිධානය විසින් ගාසා තීරයට රැගෙන ගිය ප්‍රාණ ඇපකරුවන් 200 දෙනා අතර ඔවුන් ද විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart