
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජයේ රැකියා ලබාදීමේ ක්‍රමවේදයට එරෙහිව පැවති විරෝධතා පෙලපාලි හේතුවෙන් දින කිහිපයක සිට පවතින ප්‍රචණ්ඩ ගැටුම්වලින් පසුව ඊයේ රට සම්පූර්ණයෙන්ම වසාදැමීමට උත්සාහ කළ ශිෂ්‍ය විරෝධතාකරුවන් සහ බංග්ලාදේශයේ පොලිසිය අතර උග්‍ර ගැටුම් හටගෙන තිබේ.
මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ බ්‍රහස්පතින්දා ප්‍රචණ්ඩ ක්‍රියාවලින් මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
රට පුරා ප්‍රබල වාර්තාකරුවන් ජාලයක් සිටින ඩකා හි ප්‍රමුඛ පෙළේ ප්‍රොතොම් ඇලෝ පුවත්පත පැවසුවේ බ්‍රහස්පතින්දා රාත්‍රිය වන විට ඩකා සහ තවත් නගර කිහිපයක දරුණු ප්‍රචණ්ඩත්වයක් පවතින බවයි.
ඊයේ දිනය වන විට ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බව බංග්ලාදේශයේ දිනපතා පුවත්පත් පවසයි.
1971 පකිස්ථානයෙන් නිදහස් වීමේ යුද්ධයේදී සටන් කළ පුද්ගලයන්ගේ පවුල් සඳහා රජයේ රැකියාවලින් 30% ක් වෙන්කිරීම නවත්වන ලෙස විරෝධතාකරුවෝ රජයට බලකරති.
ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීම සඳහා රටපුරා දුරකථන ජාල අවහිර කිරීමට එරට රජය පියවර ගෙන ඇත.
ඇතැම් ස්ථානවල සමාජ ජාලාද අවහිර කර ඇති බවට පුවත් වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart