
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
භෝග විනාශය අවම කිරීම සඳහා විසඳුමක් ලෙස, නියමු ව්‍යාපෘතියක් යටතේ රිළවුන් දූපතකට ගෙනයෑමට තීරණය කර ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පැවැසීය.
වාර්තාකරුවන්ට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුවර්ණ පැවැසුවේ, රිළවුන්ට ස්ථානගත කිරීම සඳහා රන්දෙණිගල වේල්ල ආසන්නයේ විශාල දූපතක් හඳුනාගෙන ඇති බවයි.
රිළවුන්ට එහි සිට ප්‍රධාන භූමියට ළඟාවීම වැළැක්වීම සඳහා, දිවයින වටා විදුලි වැටවල් ඉදිකරන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.
රිළවුන් විසින් සිදුකරන බෝග විනාශය සොයාබැලීම සඳහා පත්කරන ලද වාරිමාර්ග අමාත්‍යාංශය, වනජීවී දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතනවල විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවේ අනුමැතිය මත මෙම තීරණය ගෙන ඇති බව මන්ත්‍වරයා අනාවරණය කළේය.
“මෙම යෝජනාව කමිටුව විසින් අනුමත කර තිබෙනවා. අපි නියමු ව්‍යාපෘතිය යටතේ ගම්මාන 15ක් තෝරාගන්නවා. නාවික හමුදාව, වනජීවී දෙපාර්තමේන්තුව සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය වැනි ප්‍රධාන ආයතන කිහිපයක මගපෙන්වීම යටතේ එය ක්‍රියාත්මක කෙරෙනවා. නාවික හමුදාව ඇතුළු ආයතන කිහිපයක් සහ විශේෂඥයන් සම්බන්ධ කර ගනිමින් රිළවුන් නිරීක්ෂණය කිරීම සඳහා අපි පද්ධතියක් සකස්කර තිබෙනවා.” ඔහු පැවැසීය.
මෙවැනි ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේම ක්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙය බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුවර්ණ, එම වැඩසටහනේ අඩුපාඩු තිබිය හැකි බවත්, ඒවා සිදුවන විට බලධාරීන් ඒවා නිවැරදි කිරීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart