
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය මාසයේ මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ දැඩි චීන හිතවාදියකු වන ආචාර්ය මොහොමඩ් මුයිසු, ඉන්දීය හමුදාව සිය රටින් ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී ඇත.
“අපට මාලදිවයින් භූමියේ කිසිදු විදේශීය හමුදාවක් අවශ්‍ය නැත. මම මෙය මාලදිවයිනේ ජනතාවට පොරොන්දු වූ අතර පළමු දිනයේ සිටම මම මගේ පොරොන්දුව ඉටුකරමි” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.
ජයග්‍රහණයෙන් දින කිහිපයකට පසු තමා ඉන්දීය තානාපතිවරයා හමුවී “මෙහි සිටින සෑම ඉන්දීය හමුදා නිලධාරියෙක්ම ඉවත් කළ යුතු බව ඉතා පැහැදිලිව ඔහුට පැවසූ” බව බීබීසීය සමඟ පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
මාලදිවයින දිගු කලක් ඉන්දියාවේ බලපෑමට යටත්ව පැවැති අතර, ඔහුගේ ඉල්ලීම මාලේ සහ දිල්ලි අතර රාජ්‍ය තාන්ත්‍රික ආතතීන් ඇති කිරීමට ඉඩ තිබේ.
එමෙන්ම යටිතල පහසුකම් සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය සහ ප්‍රදාන වශයෙන් මාලදිවයිනේ ඩොලර් මිලියන සියගණනක් ආයෝජනය කර ඇති චීනය සමඟ සමීප සබඳතාවලට මුයිසුගේ සන්ධානය අනුග්‍රහය දක්වයි.
මේ අතර මෑත වසරවලදී මාලදිවයින ඉන්දියාව සමඟ අත්සන් කර ඇති සියලුම ගිවිසුම් සමාලෝචනය කිරීමට තමාට අවශ්‍ය බව මොහොමඩ් මුයිසු සඳහන් කර තිබේ.
“ඒවා ඇතුලේ මොනවද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ වුණත් සමහර මන්ත්‍රීවරු වාද විවාද අතරතුර කිව්වා ඒවායේ ඇති දේ දන්නේ නැහැ කියලා. මට විශ්වාසයි අපි ඒ ගැන හොයලා බලනවා කියලා,” ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart