
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය තෙදින නිල සංචාරය අරඹමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මීට ටික වේලාවකට පෙර දිවයිනට ළඟාවිය.
තායිලන්තයේ සිට පැමිණි ඉන්දියානු ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන Air India One ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාති ගුවන් තොටුපොළට ළඟාවූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පිළිගනු ලැබුවේ විදේශ අමාත්‍ය විජිත හේරත් විසිනි.
දින 03 ක් පුරා මෙරට රැඳීසිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු මෙරට රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවීමට නියමිත අතර, ද්විපාර්ශවික වශයෙන් වැදගත් ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතය.
එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර අනුරාධපුර නගරයට ද පැමිණීමට නියමිත අතර, එහිදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට ද නියමිතව තිබේ.
ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart