
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉකුත් සතියේ සිදුකෙරෙණු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දියාව නැවත වරක් ශ්‍රී ලංකාව සමඟ ගොඩබිම් සම්බන්ධතා ව්‍යාපෘතියක් යෝජනා කර ඇති ඇතැයි වාර්තා වේ.
එහෙත් රජය මෙතෙක් ඒ සම්බන්ධයෙන් එකඟතාවක් පළකර නොමැති බව Daily Mirror වාර්තා කරයි.
2002 දී එවක ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්දියාවේ තමිල්නාඩුවේ රාමේෂ්වරම් සහ මෙරට තලෙයිමන්නාරම අතර ගොඩබිම් පාලමක් ඉදිකිරීමට යෝජනා කර තිබිණි.
ඒ, රාම් සේතු හෙවත් ආදම්ගේ පාලම නමැති පුරාණ ගොඩබිම් සම්බන්ධය පදනම් කරගෙනය.
අදාළ සැලැස්මට අනුව, මාර්ග සහ දුම්රිය පාලම් සම්බන්ධතා සංවර්ධනය කිරීමට යෝජනා කර තිබිණි.
පසුව නැවතත් දෙපාර්ශවය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ අතර එය පසුගිය පාලනය සමයේ නිකුත්කළ ඒකාබද්ධ ප්‍රකාශයට පවා ඇතුළත් කර තිබේ.
මේ අතර පසුගිය වසරේ සිදුකෙරුණු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නවදිල්ලි සංචාරයෙන් පසු නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට එය ඇතුළත් කර නොතිබුණද, ඉකුත් දා සිදුවූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරයේදී ඉන්දීය පාර්ශ්වය එය යෝජනා කර ඇතැයි වාර්තා වේ.
එහෙත් Daily Mirror පෙන්වා දෙන්නේ මෙරට ආණ්ඩුව ඒ සඳහා ක්ෂණික ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සංචාරය නිමවා ශ්‍රී ලංකාවෙන් ආපසු යන අතරමගදී, ගුවනේ සිට සැතපුම් 30ක් විහිදෙන ස්වභාවික හුණුගල් විශාල දාමයක් වන ආදම්ගේ පාලම නරඹන අයුරු දැක්වෙන වීඩියෝවක් ද පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.
මෙම පෞරාණික ගොඩබිම් පාලම එහි භූ විද්‍යාත්මක සහ ඓතිහාසික වටිනාකමින් මෙන්ම මිථ්‍යා මතවාද සමග ද බැඳී පවතී.
එම පුරාණ හුණුගල් පාලම රාම් දෙවියන් විසින් ඉදිකරන ලද්දක් ලෙස සැලකේ.
මේ අතර, යෝජිත ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) ප්‍රකාරව පමණක් ඇඟලුම් අපනයන කෝටාව ඒකක මිලියන 50 දක්වා වැඩි කරන ලෙස ශ්‍රී ලංකාව කරන ඉල්ලීම සලකා බැලීමට ඉන්දියාව සූදානම් බව Daily Mirror වාර්තා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart