
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමාට ඉඩම් , නිවාස හෝ මෝටර් රථ කිසිවක් නොමැති බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සිය මැතිවරණ දිවුරුම් ප්‍රකාශය මගින් සඳහන් කර තිබේ.
ඔහු සතු වත්කම් ලෙස එහි පෙන්වා ඇත්තේ රුපියල් කෝටි 3කට අධික වෙනත් මූල්‍යමය වත්කමක්ය.
අගමැතිවරයා පසුගිය 14 වැනිදා වරණාසි (බරණැස්) මැතිවරණ කොට්ඨාසයෙන් සිය නාමයෝජනා ඉදිරිපත් කළේය.
ඒ සමග ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයේ, අගමැති මෝදි විසින් රුපියල් කෝටි 3.02ක් වටිනා මුළු වත්කම් ප්‍රකාශ කර ඇති අතර, එය ඉන්දියානු රාජ්‍ය බැංකුවේ රුපියල් කෝටි 2.86ක් වටිනා ස්ථාවර තැන්පතුවකින් සමන්විත වේ.
ඔහුගේ අතේ ඇති මුළු මුදල රුපියල් 52,920ක් වන අතර ගාන්ධිනගර් සහ වරනාසි හි බැංකු ගිණුම් දෙකක රුපියල් 80,304ක් ඇත.
ජාතික ඉතිරිකිරීමේ සහතිකවල ආයෝජනයක් ලෙස අගමැතිවරයාට රුපියල් ලක්ෂ 9.12ක් ඇති අතර රුපියල් ලක්ෂ 2.68ක් වටිනා රන් මුදු හතරක් ද ඔහු සතුය.
ඔහුගේ ආදායම 2018-19 දී රුපියල් ලක්ෂ 11.14 සිට 2022-23 දී රුපියල් ලක්ෂ 23.56 දක්වා ඉහළගොස් තිබේ.
අගමැතිවරයා වාරානාසි ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස තුන්වැනි වරටත් පත්වීමට අපේක්ෂා කරයි.
තමා තුන්වැනි වරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වන වරනාසි මැතිවරණ කොට්ඨාසයෙන් පෙරේදා සිය නාමයෝජනා ගොනු කරමින් අගමැතිවරයා ප්‍රකාශ කළේ, “මම කම්පනයට පත්වෙලා, හැඟීම්බර වෙලා, ඔබේ සෙනෙහසේ සෙවණේ අවුරුදු 10ක් ගෙවිලා ගියේ කොහොමද කියලා මටවත් තේරුණේ නැහැ. ‘ආජ් මා ගංගා නේ මුජේ ගෝඩ් ලේ ලිය හේ’ (අද, මා ගංගා මාව තෝරාගෙන තිබෙනවා).” යනුවෙනි.
ලෝක් සභා මැතිවරණයේ හත්වැනි අදියර යටතේ ජූනි 1 වැනිදා වාරනාසි හි ඡන්දය පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart