September 22, 2025

මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ පාලක මණ්ඩ­ලයේ අනු­මැ­ති­ය­කින් තොරව 2017 සිට 2020 අතර කාල­යේදී විවිධ ව්‍යාපෘති වෙනු­වෙන් යැයි කිය­මින් ලබාගෙන ඇති රුපි­යල් මිලි­යන 8,000කට අධික මුද­ලක් අව­භා­විත වී ඇතැයි ඒ පිළි­බඳ සොයාබැලී­මට වත්මන් රජය බල­යට පත් වූ පසු පත් කරන ලද වංචා දූෂණ විමර්ශන කමි­ටුව මඟින් අනා­ව­ර­ණය කරගෙන තිබේ.

මේ කාල­යේදී සංස්කෘ­තික කට­යුතු ඇමැ­ති­ව­රයා වශ­යෙන් වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස කට­යුතු කළ අතර, එකල මේ අර­මු­දලේ සිදුව ඇතැයි කියන මුදල් අව­භා­වි­තය සම්බ­න්ධ­යෙන් සොයාබැලී­මට පසු­ගිය ජූලි මාස­යේදී විශ්‍රා­මික මහා­ධි­ක­රණ විනි­සුරු ජී. එම්. ඩබ්ලිව්. ප්‍රදීප් ජය­ති­ලකගේ සභා­ප­ති­ත්ව­යෙන් යුත් ත්‍රිපු­ද්ගල කමි­ටු­වක් පත්කිරී­මට රජය පිය­වර ගනු ලැබීය.

ඒ අනුව එම කමි­ටුව විසින් මේ අව­භා­වි­තය සම්බ­න්ධ­යෙන් කරුණු තහ­වුරු කර­ගෙන ඇතැයි බුද්ධ­ශා­සන සහ ආග­මික කට­යුතු නියෝජ්‍ය ඇමැති ගම­ගෙ­දර දිසා­නා­යක පෙරේදා (20) මාතලේ දිස්ත්‍රික් සංව­ර්ධන කමි­ටු­වේදී ප්‍රකාශ කළේය.

මහ­ජන මුදල් අව­භා­විත කළ සියලු පුද්ග­ල­යන්ට එරෙ­හිව එම වාර්තාව ලැබුණු පසුව තරා­ති­රම නොබලා නීතිය ක්‍රියා­ත්මක කරන බවද හෙතෙම මෙහිදී කියාසිටි­යේය.

2017 සිට 2020 දක්වා වූ කාල­සී­මා­වේදී ආග­මික ස්ථාන සහ විවිධ කට­යුතු සඳහා මධ්‍යම සංස්කෘ­තික අර­මු­ද­ලෙන් මූල්‍ය සහාය දීමේදී බර­ප­තළ මූල්‍ය අක්‍ර­මි­කතා සිදුව ඇති බවට ආන්දෝ­ල­නා­ත්මක තොර­තුරු රැසක් වත්මන් ආණ්ඩුව බලයට පත් වූ පසු අනා­ව­ර­ණය වී තිබිණි.

එලෙස සිදුව ඇතැයි කියන අක්‍ර­මි­කතා සම්බ­න්ධ­යෙන් පරීක්ෂා කිරී­මට කමි­ටු­වක් පත්කිරී­මට පසු­ගිය මැයි මාසයේ පැවති මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ 223 වැනි පාලක මණ්ඩල රැස්වී­මේදී තීර­ණය කෙරිණි.

ඒ අනුව අදාළ කාර්යය සඳහා ත්‍රිපු­ද්ගල කමි­ටු­වක් පත්කිරී­මට අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය ඉදි­රි­පත් කළ යෝජ­නාව සඳහා ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය ද හිමිවිය.

මෙම ත්‍රිපු­ද්ගල කමි­ටුව පසු­ගිය ජූලි මාස­යේදී ඒ අනුව පිහි­ටු­වන ලදී.(දිනමිණ)