
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරයා විසින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා පත්කළ ප්‍රදීප් යසරත්න අද (30දා) සිට විශ්‍රාම යෑමට තීරණය කර තිබේ.
මේ වසරේ දෙසැම්බර් 03 වැනිදා සිට තමා විශ්‍රාම යෑමට නියමිතව තිබුණත් පෞද්ගලික හේතු මත තමා අද සිට විශ්‍රාම යන බවත් විශ්‍රාම යෑමට අදාළ ලිපි මීට මාස කිහිපයකට පෙර තමා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යොමුකළ බවත් ප්‍රදීප් යසරත්න ජනමාධ්‍ය වෙත පවසා ඇත.
ප්‍රදීප් යසරත්න අද විශ්‍රාම යෑමට නියමිතව සිටිය ද පසුගියදා නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමේදී හෙතෙම අගමැතිනිය යටතේ පවතින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශවල නව ලේකම්වරයා ලෙස පත්කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart