
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසයකයන් රැක ගැනීමේ අරමුණෙන් පරාටේ බලතල නිශ්චිත කාලයකට අත්හිටුවීම පියවර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
ඇමැතිවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි.
ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැක ගැනීම සඳහා රජය පියවර රැසක් ගෙන ඇති බව පෙන්වා දෙන ඇමැතිවරයා සඳහන් කරන්නේ, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට විවිධ චක්‍ර ලේඛ 15ක් නිකුත් කර ඇති බවයි.
පරාටේ බලතල සම්බන්ධයෙන් රට තුළ කතාබහක් ඇති වී ඇතැයි පෙන්වා දුන් ඇමතිවරයා කියාසිටියේ, එම නීති හඳුන්වා දී ඇත්තේ බැංකු පද්ධතියේ ආරක්ෂාව සඳහා බවයි.
බැංකුවල ආරක්ෂාව තහවුරු කරමින් පරාටේ බලතල තාවකාලිකව අත්හිටුවීම සඳහා අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයේ පිළිතුරු කතාව පවත්වමින් රාජ්‍ය ඇමැතිවරයා කියාසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart