
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ සංවර්ධන කටයුතු ඉන්දියාවේ අදානි සමූහය විසින් ආරම්භ කිරීම වැදගත් බව වරාය අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
ඊයේ කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ අදානි සමූහ ව්‍යාපාරයේ මන්නාරම සුළං බල ව්‍යාපෘතිය සදහා විරෝධතා මතුවූයේ එය ශ්‍රී ලංකාවට කළ නොහැකි නිසා බවයි.
වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ, මුදල් ලබාදීම සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති නමුත්, ගැටලුව ඇත්තේ අදානි සමූහ ව්‍යාපාරය සහ එම අරමුදල ලබාදීමට එකඟ වූ ඇමෙරිකානු ආයතනය අතර බවයි.
කෙසේවෙතත්, කොළඹ වරාය ව්‍යාපෘතිය සඳහා අභ්‍යන්තරව මුදල් ලබාදෙන බව පවසමින් අදානි සමූහ ව්‍යාපාරය මේ වන විටත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව ද අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.
ශ්‍රී ලංකාවට මෙන්ම වරාය අධිකාරියටද වාසිදායක වියහැකි බැවින්, අදානි සමූහ ව්‍යාපාරය කඩිනමින් කොළඹ වරායේ මෙහෙයුම් ආරම්භ කිරීම අත්‍යවශ්‍ය බව වරාය අමාත්‍යවරයා එහිදී පෙන්වාදුන්නේය.
රටක වරාය විශාලතම කර්මාන්තවලින් එකක් සහ අන්තර්ජාතික ව්‍යාපාරයක් බැවින් එය සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව ද ඔහු අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart