
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මානසික සහ ශාරීරික සෞඛ්‍යයට එල්ල වන බලපෑම හේතුවෙන් ඕස්ට්‍රේලියාව සමාජ මාධ්‍ය භාවිත කිරීමේදී ළමුන් සඳහා අවම වයස් සීමාවක් නියම කිරීමට අදහස් කර තිබේ.
මෙම සැලසුම ඩිජිටල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින්නන්ගේ විරෝධයට හේතුවී තිබෙන බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසන්නේ, ඔහුගේ මධ්‍යම වාමාංශික ආණ්ඩුව මෙම වසරේදී සමාජ මාධ්‍ය භාවිතය සඳහා අවම වයස් සීමාවක් සම්බන්ධයෙන් වන නීති හඳුන්වාදීමට පෙර ඒ පිළිබඳව විශේෂ අධ්‍යයනයක් සිදුකරනු ඇති බවයි.
අග්‍රාමාත්‍යවරයා එම නීති බලාත්මක කෙරෙන වයස් කාණ්ඩයක් සඳහන් නොකළ නමුත් එය අවුරුදු 14 සහ 16 අතර විය හැකි බව පැවැසේ.
ඇල්බනීස් ඕස්ට්‍රේලියානු බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් ජනමාධ්‍ය ආයතනය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ, ළමුන් ජංගම දුරකථන හා එවැනි තාක්ෂණික උපාංගවලින් ඉවත් කර ක්‍ර්‍රීඩා පිටි, ක්‍රීඩාගාර, පිහිනුම් තටාක සහ ටෙනිස් පිටිවලට ගෙන්වා ගැනීමට තමන්ට අවශ්‍ය බවයි.
“අපට අවශ්‍ය වන්නේ ඔවුන් සැබෑ මිනිසුන් සමඟ සැබෑ අත්දැකීම් ලබා ගැනීමයි, මන්ද සමාජ මාධ්‍ය සමාජ හානියක් සිදුකරන බව අපි දන්නා නිසා” ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart