
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුහුණු මහා කතරගම දේවාල මංගල්‍යයට සහභාගීවීමේ ගමන සනිටුහන් කරමින් වාර්ෂික පාද යාත්‍රා උත්සවය පසුගියදා ආරම්භ වූයේ කුමන ජාතික වනෝද්‍යානයේ ඔකඳ විහාරස්ථානය අසලට හින්දු බැතිමතුන් එක්රොක් වෙමිනි.
කුමන යාල ජාතික වනෝද්‍යානය හරහා දළ වශයෙන් කිලෝමීටර් 79ක් පමණ විහිදෙන වන්දනා ගමන කතරගම දේවාලයෙන් අවසන් වේ.
දිවයින පුරා හින්දු බැතිමත්තු සැළකිව යුතු පිරිසක් වාර්ෂිකව මෙම අවස්ථාවට සහභාගි වෙති.
වන්දනා චාරිකාව සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව අත්‍යවශ්‍ය පහසුකම් සලසා දෙයි.
බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා භට පිරිස් යොදවා ඇත.
මීට අමතරව, යුධ හමුදාපතිවරයාගේ උපදෙස් අනුව පා ගමනින් යන අයගේ පහසුව සඳහා ජලය සහ සෞඛ්‍ය පහසුකම් ද ඔවුහු පිරිනමති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart