
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝකයේ ජනප්‍රියතම කාටුන් චරිතයක් වන මිකී මවුස්හි මුල් පිටපතෙහි ප්‍රකාශන හිමිකම 2024 ජනවාරි 01 වැනිදා එනම් අදින් අවසන් වූ බැවින්, එම චරිතය වසර 95කට පසු අද සිට මහජන භාවිතය සඳහා යොදාගැනීමට හැකියාව ලැබී තිබේ.
ඒ අනුව ලෝපුරා කාටූන් ශිල්පීන් ඇතුළු නිර්මාණකරුවන් ඇතුළු ඕනෑම කෙනෙකුට මිකී සහ මිනීගේ පැරණිතම අනුවාද නැවත සකස් කර අවසරයකින් හෝ ගාස්තුවකින් තොරව එම අනුවාද භාවිතා කළ හැකි වන අතර ඒ සදහා පැවති සියලුම නීතිමය බාධා අහෝසි වනු ඇත.
වෝල්ට් ඩිස්නි විසින් 1928 දී තිරගත කිරීම ආරම්භ කළ මිකී මවුස් ඇතුළත් පළමු කෙටි චිත්‍රපටයේ “ස්ටීම්බෝට් විලී”හි ප්‍රකාශන අයිතිය මෙසේ අවසන්ව ඇත.
කෙසේවෙතත්, ඩිස්නි සමාගම සඳහන් කර ඇත්තේ, මිකී හි වඩාත් නවීන අනුවාදයන් තවමත් ප්‍රකාශන හිමිකමෙන් ආවරණය වන බවයි.
“අපි, ඇත්ත වශයෙන්ම, මිකී මවුස් හි වඩාත් නවීන අනුවාදවල සහ ප්‍රකාශන හිමිකමට යටත්ව පවතින අනෙකුත් කෘතිවල අපගේ අයිතීන් ආරක්ෂා කිරීමට දිගටම කටයුතු කරන්නෙමු,” යනුවෙන් ඔවුන් සදහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart