February 29, 2024

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ් එම පක්ෂයෙන් නෙරපීමට ගත් තීරණය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

තමන්ව පක්ෂයෙන් නෙරපීමට එරෙහිව මුෂාරෆ් මන්ත්‍රීවරයා විසින් ගොනුකළ පෙත්සමක තීන්දුව ලබාදෙමින් ප්‍රියන්ත ජයවර්ධන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇත.

පක්ෂයේ තීරණයට පටහැනිව 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජන්දය භාවිත කිරිම හේතුවෙන් ඔහුව පක්ෂයෙන් නෙරපා තිබිණි.