
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට මඩ ගැසූ බව කියන කළුතර ‘කේක් නෝනා’ නමැති කාන්තාවකට එරෙහිව පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලා ඇත.
අද (21) පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා කියාසිටියේ, අදාළ කාන්තාව තමාට සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ ද්වේශසහගත පෝස්ටු පළකරන බවයි.
අදාළ කාන්තාව සිය සමාජ මාධ්‍ය පෝස්ට් හරහා තමා සොරෙකු ලෙස හඳුන්වමින් තමන්ව වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඇති බව ද මන්ත්‍රීවරයා පවසයි.
එය තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමක් බවත්, මෙවැනි ද්වේශසහගත ප්‍රකාශවලින් සිය ජීවිතයට තර්ජනයක් විය හැකි බවත්, ඔහු පෙන්වා දී ඇත.
එවැනි ප්‍රකාශ පිළිගත හැක්කේ තමන් වරදක් කර ඇත්නම් පමණක් බවත්, එය එසේ නොවන බැවින් මෙලෙස විවේචනය කිරීම අසාධාරණ බවත්, හෙතෙම පවසයි.
‘කේක් නෝනා’ නමින් හැඳින්වෙන මෙම කාන්තාව 2015 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart